hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූනි 29, ප.ව. 6:04



ඉන්දියාවේ බැංගලෝර් නුවර ඉකුත් 25 වැනිදා පැවති ස්වභාවික කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා තරගාවලියේ දී පළමු ස්ථාන දෙකක්, දෙවන ස්ථානයක් සහ තවත් සම්මාන දෙකක් ද දිනා ගැනීමට ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක පියුමල් සිතුම් සමත් වුණා.

ඔහු අද (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ශාරීරික නිරෝගීභාවය සහ ශරීර හැඩය නිසි පරිදි පවත්වා ගෙන යාම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙවැනි තරගාවලි ලොව පුරා සංවිධානය කෙරෙන අතර එහිදී එයට සහභාගී වන ක්‍රීඩකයන් තහනම් උත්තේජක සහ කෘතිම ආහාර භාවිතයෙන් තොරව මෙම තරගාවලි සදහා ඉදිරිපත් විය යුතුයි.

ඒ පිළිබඳව මෙම තරගාවලියේ තරග වලට ඉදිරිපත් වීමට පෙර වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කිරීම ද සිදු කෙරෙනවා.

මෙම තරගාවලියේ දී පිරිමි ශාරීරික යෝග්‍යතා නිරූපණ තරගයෙන් සහ පැරණි ක්ලැසික් ෆිසික්ස් කායවර්ධන අංශයේ තරගයෙන් ද පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණා.

ඊට අමතරව මෙම තරගාවලියේ පැවති ශාරීරික යෝග්‍යතා නිරූපණ විවෘත පිරිමි තරගයේ දී දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

එමෙන්ම හොදම නිරූපණය සහ හොදම පුහුණුකරු සදහා වූ සම්මාන දෙක ද ඔහු හිමි කර ගැනීමට සමත් වුණා.

ඔහු මෙම සම්මාන සහ පදක්කම් රැගෙන අද අලුයම 01.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඔහු පිළිගැනීම සදහා ඔහුගේ බිරිඳ, දරුවා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

කටුනායක – ටී.කේ.ජී.කපිල