hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 18, පෙ.ව. 9:55



ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩක ලාන්ස් කෝප්‍රල් ඒ.රුක්මාල් ප්‍රසන්න , ඉකුත් මැයි මස 12 දින සිට 15 දක්වා  ප්‍රංශයේ පැවති ” ලෙස් සෙන්චරීස් ” ( Les Ceintures ) ලෝක ශුරතා බොක්සිං තරගාවලියේ දී කිලෝ ග්රැම් 57 බර පංතිය යටතේ තරග වැදීමෙන් අනතුරුව රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

එම තරගාවලියේ දී මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා අතින් කැනඩාවේ අල් අහමදියා පරාජයට පත් වී තිබුණා.

ශ්‍රී ලංකා යුධ හමුදා බොක්සිං ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙම ප්‍රංශ තරගාවලියට සහභාගී වී සිටි මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා හට සිය ගෙලෙහි පළදින රන් පදක්කම වෙනුවට ඉන වටා පළදින රන් පදක්කමක් හිමි වී තිබීම විශේෂත්වයක්.

මෙම ප්‍රංශයේ පැවති තරගාවලියට රටවල් 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 ක් පමණ සහභාගී  වී සිටියා.

මෙම රන් පදක්කම දිනූ බොක්සිං ක්‍රීඩක රැක්මාල් ප්‍රසන්න ඊයේ (17) අලුයම 02.00 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔහු පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.