hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 ජනවාරි 31, ප.ව. 5:37


WhatsApp
Telegram

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා යළි ත් චන්දික හතුරුසිංහ පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

මීට පෙර 2014 වසරේ සිට 2017 වසර දක්වා ද බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු කටයුතු කළ අතර පසුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරීය.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් චන්දික හතුරුසිංහගේ පත්වීම පිළිබඳව දැනුම් දීමක් කර නැතත්, පෙබරවාරි 18 – 20 වන විට නව පුහුණුකරු නම් කරන බව පවසා තිබේ.

මේ අතර, චන්දික හතුරුසිංහ නිව් සවුත් වේල්ස් සහය පුහුණුකරු තනතුරෙන් ඉවත් වී ඇතැයි එම ක්‍රිකට් සමාජයේ කළමනාකරණය දැනුම් දී ඇත.

චන්දික හතුරුසිංහ යටතේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පැහැදිලි වෙනසකට ලක්වූ අතර ඒ හේතුවෙන් හතුරුසිංහගේ පුහුණුකාරීත්වය පිළිබඳව ලෝකයේ අවධානය යොමු වී තිබිණි.

පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය භාර ගත්ත ද, ඉන් සැලකිය යුතු ප්‍රතිලාභයක් අත් නොවීය.

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා යළි ත් චන්දික හතුරුසිංහ පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

මීට පෙර 2014 වසරේ සිට 2017 වසර දක්වා ද බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු කටයුතු කළ අතර පසුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරුවා.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් චන්දික හතුරුසිංහගේ පත්වීම පිළිබඳව දැනුම් දීමක් කර නැතත්, පෙබරවාරි 18 – 20 වන විට නව පුහුණුකරු නම් කරන බව පවසා තිබෙනවා.

මේ අතර, චන්දික හතුරුසිංහ නිව් සවුත් වේල්ස් සහය පුහුණුකරු තනතුරෙන් ඉවත් වී ඇතැයි එම ක්‍රිකට් සමාජයේ කළමනාකරණය දැනුම් දී තිබෙනවා.

චන්දික හතුරුසිංහ යටතේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පැහැදිලි වෙනසකට ලක්වූ අතර ඒ හේතුවෙන් හතුරුසිංහගේ පුහුණුකාරීත්වය පිළිබඳව ලෝකයේ අවධානය යොමු වී තිබුණා.

පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය භාර ගත්ත ද, ඉන් සැලකිය යුතු ප්‍රතිලාභයක් අත් වූයේ නැහැ.