2023 දෙසැම්‍බර් 29, ප.ව. 2:08
පොළොන්නරුවේදී පැවැත්වෙන ජාතික බර ඉසිලීමේ ශූරතාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ චතුරිකා ප්‍රියන්ති නව ශ්‍රී ලංකා වාර්තා 3ක් පිහිටුවීමට සමත්වුණා.
ඒ ඇය තරග වැදි කිලෝග්‍රෑම් 87 බර පංතියේදීයි.
චතුරිකා ප්‍රියන්ති ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 90ක බරක් එසවූ අතර, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 113ක බරක් එසවීමට සමත්වුණා.
ඒ අනුව ඇය කිලෝග්‍රෑම් 87 බර පංතියේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ සමස්ත බර කිලෝග්‍රෑම් 203ක බරක් ඔසවමින්.
එසවූ මෙම බර ප්‍රමාණ තුනම නව ශ්‍රී ලංකා වාර්තාවීම කැපී පෙනෙන සිදුවීමක් වනවා.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25