hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 05, ප.ව. 1:39



22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනට අනුව මේ වනවිට ඔස්ට්‍රෙලියාව පෙරමුණේ පසුවනවා.

ඔවුන් රන් පදක්කම් 51 ක්, රිදී පදක්කම් 42 ක් සහ ලෝකඩ පදක්කම් 39 ක් සමඟින් දිනා ඇති සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාව 132 ක්.

රන් පදක්කම් 42 ක් සමඟින් පදක්කම් 118 ක් ලබාගෙන සිටින සත්කාරක එංගලන්තය පදක්කම් සටහනේ 2 වන ස්ථානයේ පසුවනවා.

කැනඩාව 3 වන ස්ථානයේ පසුවනවා.

බර ඉසිලීමේ පිරිමි ඉසව්වකින් ‍ලෝකඩ පදක්කමක්, මීටර් 100 පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් සහ පැරා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාව, හත්වැනි දිනය අවසානයේ පොදු රාජ්‍යය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ 25 වැනි ස්ථානයේ පසුවෙනවා.

පාලිත බණ්ඩාර ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගත් අතර ඩිලංක ඉසුරු කුමාර සහ යුපුන් ‍අබේ‍‍කෝන් ලෝකඩ පදක්කම් දිනාගත්තා.