hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 02, ප.ව. 12:14



මේ දිනවල එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඊයේ (01) සවස් භාගය වන විටත් පදක්කම් සටහනේ පෙරමුණ ලබා ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිව ඇති අතර එක් ලෝකඩ පදක්කමක් දිනා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට 24 වැනි ස්ථානයට පත්ව සිටිනවා.

එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව හිමිකර ගත් පළමු පදක්කම ලෙස ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් බර ඉසිලීමේ තරගය නියෝජනය කළ ඉසුරු කුමාර සමත් වුණා.

කිලෝ ග්‍රෑම් 55 ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනාගත් ඩිලංක ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 105 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 120 ක් ද ඔසවා තිබෙනවා.

ඔහු එසවූ සම්පූර්ණ බර කිලෝ ග්‍රෑම් 225ක්.

මේ අතර කාන්තා විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා පිල ඔවුන් සහභාගී වන දෙවැනි තරගය සඳහා අද (02) නවසීලන්තය සමඟින් පැවැත්වීමට නියමිතයි.

පළමු තරගයේදී සත්කාර එංගලන්තය හමුවේ කඩුළු 05ක පරාජයක් අත්විදගත් ශ්‍රී ලංකා පිලට තරගාවලියේ තවදුරටත් රැදී සිටීමට නම් මෙම තරගය ජය ගැනීම අතිශය වැදගත් වී තිබෙනවා.