hit counter

2024 ජූනි මස 30 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 17, ප.ව. 4:58



ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ආසියානු කුසලාන අවසාන මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්විය. ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ පැතුම් නිස්සංක හා කුසල් පෙරේරායි. නමුත් පළමු පන්දු ඕවරයේ තුන්වන පන්දුවේදී කුසල් පෙරේරාට ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වීමට සිදුවුයේ Jusprit Bumrah ගේ පන්දුවකටයි.

ඉන් පසුව පිළිවෙලින් පිටිය පිවිසි පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංන්ජය ද සිල්වා සහ නායක දසුන් ශානක යන ශ්‍රී ලංකා මුල් පිතිකරුවන් සිව් දෙනාගේම කඩුලු 5 Mohammed Siraj විසින් ලබා ගත්තේ තරගයේ 5 වන පන්දු ඔවරය වන විටයි.

ප්‍රේක්ෂකාගාරය අතුරු සිදුරු නැතුවපිරී ඇති මෙහොතක මෙන්ම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹන මේ අවසන් මහා තරගය අද දවසේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකම දිනයක් ලෙස ඉතිහාසගත වනු ඇති බවයි විචාරකයින් ප්‍රකාශ කරන්නේ.