hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 05, ප.ව. 2:11



ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ අහිතකර බලපෑම්වලින් ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම අභියෝගයකට ලක්වී ඇති බව එමගින් පෙන්වාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය දැනුවත් කිරීමටත් ජනාධිපතිවරයා සමග හමුවක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.

ෂම්මි සිල්වා මහතා විසින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ පිටපතක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙතද යොමුකර තිබෙන බව සඳහන්.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එල්ලවන බරපතළ වංචා සහ දූෂණ චෝදනා හමුවේ ඔවුන් අදාළ ලිපිය යොමුකර ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ඉල්ලා අස්වන ලෙස සමාජයෙන් පීඩනයක් එල්ලවෙමින් පවතින පසුබිමක ක්‍රිකට් ආයතනය අමාත්‍යාංශය වෙත පදනම් විරහිත සහ සාවද්‍ය චෝදනා එල්ල කරන බවද අමාත්‍යවරයා සිය ලිපිය මගින් පෙන්වාදී තිබෙනවා.