hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 නොවැම්‍බර් 21, ප.ව. 4:26



ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලබන වසර මුලදී මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවට ලබාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

අද පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ අන්තර්ජාතික ක්‍රිකට් තහනමද එහිදී ස්ථිර කිරීමට තීරණය කර ඇත