hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 19, ප.ව. 7:00



ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තුන්වන තීරණාත්මක එක්දින තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 292ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 291ක් ලබාගත්තා.

ඩේවිඩ් වෝනර් ලකුණු 9කට දැවී ගියා.

ඒරොන් ෆින්ච් ලකුණු 62යි. ඇලෙක්ස් කෙරී ලකුණු 49ක් රැස් කළා. ට්‍රේවිස් හෙඩ් නොදැවී ලකුණු 70ක් ලබාගත්තේ හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමගින්.

පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 49කට කඩුලු 3ක් බිඳහෙළුවා.

මෙම තරගාවලියේ පළමු තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ඔස්ට්‍රේලියාව කඩුලු දෙකකින් ජයගත් අතර දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 26ක ජයක් හිමිවුණා.

මේවන විට පැවති එක්දින තරග දෙක දෙපිලම එක් තරගය බැඟින් ජය ගෙන සම තත්ත්වයේ පසුවෙනවා.

ඒ අනුව කණ්ඩායම් දෙකම තරග බිමට පිවිස ඇත්තේ අද තරගය ජය ගෙන තරගාවලිය ජයග්‍රහණය කිරීමේ වැඩි බලාපොරොත්තුවක් ද සහිතවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම තම මව්බිමේදී කන්ගරුවන්ට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගෙන ඇත්තේ 1992 වසරේදී වීමත් කැපී පෙනෙනවා.

ඒ අනුව මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම එක්දින තරගාවලිය ජය ගැනීමට හැකි වුවහොත් වසර 30 කින් පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව මව්බිමේදී ජයගත් එක්දින තරගාවලි ජය වනවා.

කෙසේ වෙතත් දෙරට අතර ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලි 5ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 3ක ජය තහවුරු කරගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවයි.

ශ්‍රී ලංකාවට ජයගෙන ඇති තරගාවලි සංඛ්‍යාව 2ක්.

සම්පුර්ණ ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.