2026 ජූලි 17, ප.ව. 10:29
ලොව බිහි වූ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් දිවි ගමනට සමු දුන්නා.
දිවි ගමනට සමුදෙන විට ගාෆීල්ඩ් සෝබර්ස් 89 වැනි වියේ පසුවිය.
ලොව බිහි වූ විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සර් ගාෆීල්ඩ් සෝබර්ස් සැලකෙනවා.
සෝබර්ස් 1954 සහ 1974 කාලය අතරතුර ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලකුණු 8,032ක් රැස් කරමින් කඩුලු 235ක් දවා ගෙන තිබේ.
වමත් පිතිකරුවෙකු වූ ඔහු 1958 වසරේදී පාකිස්ථානයට එරෙහිව නොදැවී ලකුණු 365ක් රැස් කළේය.
එම ඉනිම වසර 36ක් පුරා ලොව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙස ද පැවතුණා.
2026 අගෝස්‍තු 10, ප.ව. 9:05
2026 අගෝස්‍තු 09, පෙ.ව. 11:26
2026 අගෝස්‍තු 08, ප.ව. 1:32
2026 අගෝස්‍තු 06, ප.ව. 1:36
2026 අගෝස්‍තු 05, ප.ව. 2:15