2022 ඔක්‍තෝබර් 21, පෙ.ව. 11:53
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීම සදහා B කාණ්ඩයේ තීරණාත්මක පළමු තරගය මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 146ක් රැස්කර ගැනීමට සමත් වුණා.
කොදෙව් ඉනිම වෙනුවෙන් බ්‍රැන්ඩන් කිං ලකුණු 62ක් රැස්කර ගැනීමට සමත් වුණා.
ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වෙනවා.
ජොන්සන් චාල්ස් ලකුණු 24යි.
පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් ගැරත් ඩෙලනි කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා.
මෙම තරගය ජය ගැනීම සදහා අයර්ලන්තය ලකුණු 147ක් ලබාගත යුතු වෙනවා.
එමෙන්ම මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලබනු ඇති.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 3:23
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 2:20
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 6:01
2025 ඔක්‍තෝබර් 09, ප.ව. 11:35
2025 ඔක්‍තෝබර් 08, ප.ව. 11:14