hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 22, ප.ව. 7:21



2024 ලෙජන්ඩ් ක්‍රිකට් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කළමනාකරුවකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා මේ බව අනාවරණය කළේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ, සිදුවූ බව කියන තරග පාවාදීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදීය.

2024 ලෙජන්ඩ් ක්‍රිකට් ලීගයේ කණ්ඩායම් කළමනාකරුවකු වන යෝගි පටෙල්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව අධිකරණයට මෙලෙස දැනුම්දෙනු ලැබීය.

තරඟ පාවාදීමේ චෝදනා මත ලෙජන්ඩ් ක්‍රිකට් ලීගයේ කණ්ඩායම් කළමනාකරුවන් දෙදෙනකු වන යෝගි පටෙල් සහ පී.ආකාශ්ට රට හැරයෑම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කර තිබිණි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 7ක් සහභාගී වන Legend Cricket League තරඟාවලිය මාර්තු මාසයේ පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.