2024 පෙබරවාරි 28, ප.ව. 10:38
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවීය.
කොළඹ සංචාරක අමාත්‍යාංශයේ දී පැවති මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, ප්‍රධාන තේරීම් කමිටු සභාපති උපුල් තරංග, ටෙස්ට් සහ එක්දින නායකයින් සහභාගී විය.
නවීන තරඟ රටාවන්ට ගැලපෙන පරිදි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ව හැඩගැන්වීම,නව මාදිලියේ පුහුණු ක්‍රමවේද සහ මානසික ඒකාග්‍රතාවයන් පිළිබඳව සාකච්ඡා කිරීම,තවදුරටත් පවත්නා දක්ෂතා ප්‍රවර්ධනය කර ගනිමින් ඉදිරි තරඟ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම,වැනි සුවිශේෂී කරුණු රැසක් එහිදී සාකච්ඡාවට ලක් විය.
2025 අප්‍රේල් 21, ප.ව. 2:32
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41