hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 09, පෙ.ව. 12:40



නවසීලන්ත ක්‍රිකට් ආයතනය සභාපති ධූරය කාන්තාවකට හිමිකර දෙමින් ඩයනා ලින්ඩන් පත් කර තිබෙනවා.

ඇය මීට පෙර නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස අවස්ථා තුනකදී සේවය කර තිබෙනවා.

1894 දී ඇරඹුණු නවසීලන්ත ක්‍රිකට් පාලක ආයතනයේ අවසන් සභාපතිවරයා වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මාටින් ස්නෙඩන් වෙනුවට ඇය පත්කරනු ලබා ඇති බව ප්‍රකාශයක් නිකුත් කරමින් නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියේය.

ඇය නවසීලන්ත ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිනියද වන අතර මීට පෙර අමෙරිකාවේ රුවල් ඔරු පැදීමේ සංවිධාන දෙකක ප්‍රධාන මූල්‍ය නිලධාරිනියද වූවාය.