hit counter

2024 ජූනි මස 25 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 17, ප.ව. 11:11



මෙවර LPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් වටයේ පළමු තරගයේදී ගෝල් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 146ක් පමණයි.

ලසිත් කෲස්පුල්ලේ ලකුණු 80යි.

ලකුණු 147ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 4ක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තා.

කුසල් මෙන්ඩිස් ලකුණු 49ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 53ක් ලබා ගනිමින් දඹුල්ල ජයග්‍රහණය පහසු කළා.

LPL අවසන් තරගය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.