hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 25, ප.ව. 9:03



තරුණියට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට ඔහුගේ නඩු ගාස්තු සියල්ල රජයේ පාර්ශවයන්ගෙන් නඩුව මෙහෙය වූ සිඩ්නි පොලිසියට ගෙවීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව විභාග කළ සිඩ්නි අධිකරණ විනිසුරු සාරා හගේට් නියෝග කළේ ගුණතිලකගේ නඩු ගාස්තු ඔහුට ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසයි.

මේ අතර ධනිෂ්කට එරෙහිව එරට පොලීසිය අසාධාරණ ලෙස කටයුතු කර ඇති බව සිඩ්නි අධිකරණය තීන්දු කර තිබෙනවා.

විනිසුරු සාරා හගේට් පවසා ඇත්තේ රජයේ පාර්ශ්වයෙන් පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකිය යුතු ගැටලු පවතින බවයි.

පසුගිය වසරේ පැවති T20 ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ට්‍රේලියානු තරුණියකට ඇයගේ නිවසේදී අතවර කළ බවට ගුණතිලකට චෝදනා එල්ල වුණා.

නඩු විභාගයකින් අනතුරුව ගුණතිලක පසුගිය සැප්තැම්බර් මාසයේදී චෝදනා සියල්ලෙන්ම නිදහස් වුණු අතර, ඔහු යළි දිවයිනට ද පැමිණියා.