hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 30, ප.ව. 3:57



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ටේ්‍රලියානු තරග සංචාරයේ වාර්තාව වෝහාරික විගණනයක් සඳහා විගණකාධිපතිවරයාට යොමු කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

මේ අතර ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිදුවීමේ අවසන් තීන්දුවක් ලැබෙනතුරු ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ද නීතිපතිවරයා තමන්ට නිර්දේශ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුටත් සඳහන් කළේ.

පසුගිය පන්දු වාර විස්ස ලෝක කුසලාන තරග සංචාරය තුළ සිදුවීම් පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයාට භාරදෙනු ලැබුවා.

පසුගිය වසරේ නොවැම්බර් මස 06 වැනි දින ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී ධනිෂ්ක ගුණතිලකව අත් අඩංගුවට ගැනුණේ කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමේ චෝදනා හතරක් යටතේ දියි.

කෙසේවෙතත් ධනිෂ්කව සිඩ්නි අධිකරණයෙන් දැඩි අවවාද කිරීම් සහ නීති මත ඇප මත නිදහස් කෙරුණු අතර, ඔහුට නඩුව අවසන් වන තෙක් එරටින් පිටව යාමට හෝ රැඳී සිටින නවාතැනෙන් ඉවත් වීමට ඉඩ හිමිවූයේ නැහැ.