hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජූනි 10, ප.ව. 2:39



ඕනෑම අවස්ථාවක සිය ස්ථානය වෙනස්කර ක්‍රීඩා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගවලට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ බලා පිටත්වීමට පෙර කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක,

“මටනම් පීඩනයක් නෑ මොකද මම තුන්වෙනි පාරට සුදුසුකම් ලැබීමේ වටයට සෙල්ලම් කරන්නේ. විස්සයි විස්ස දෙකක් සුදුසුකම් ලැබීමේ වටයේ සෙල්ලම් කළා. ඉතින් අපේ අවාසනාවකට අපිට හොඳින් සෙල්ලම් කරන්න බැරුව ගියා. පහුගිය වසර කිහිපය තුළ ඉතින් ඒක නිසා තමයි අපි සුදුසුකම් ලැබීමේ වටයට ගිහිල්ලා තියෙන්නේ. පීඩනයක් නෑ. මම හිතනවා ඒක හොඳයි කියලා මොකද ඒක අපිට අභියෝගයක්. අපි අභියෝගවලට කැමතියි. අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා කියලා විශ්වාසයි.”

මම ක්‍රීඩා කළේ අංක 06, පහුගිය තරගාවලියේ ක්‍රීඩා කළේ අංක 07, පිතිකරුවෙකු අඩුවුණොත් කළින් ක්‍රීඩා කරපු ආකාරයට මම අංක 06ට ඇවිල්ලා චාමික කරුණාරත්න ඉන්නවා. වනිඳු අංක 08 ක්‍රීඩා කළේ. අපි ඒක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා පිතිකරණ ලැයිස්තුව. ධනංජය ද සිල්වා අංක 06ට ඇවිල්ලා ක්‍රීඩා කළා, ඔහු ක්‍රීඩා කළේ අංක 04 . වෙනස් වෙන්න පුළුවන් හැකියාවක් අපේ සංචිතය තුළ තියෙනවා.”