hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2022 නොවැම්‍බර් 07, ප.ව. 2:48



කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ට පෞද්ගලික වගකීමක් ඇති බවත් ධනුෂ්ක ගුණතිලක ට මුහුණදීමට සිදුවු දේ පිළිබඳ තමා කනගාටුවට පත්වෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මහතා පවසයි.

අද (07) උදෑසන ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණි අතර ඉන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

“ඇත්ත තත්ත්වය තාම දන්නේ නෑ මොකද වෙලා තියෙන්නේ කියලා. අධිකරණයෙන් ඉක්මනින්ම ඒකට පිළිතුරක් හම්බවෙයි. අපි දැනගෙන හිටියේ නෑ එහෙම දෙයක් වෙලා කියලා. අපිට කතා කරන්න වුණේ නෑ.”