2023 සැප්තැම්බර් 16, පෙ.ව. 11:49
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ කුසලානය කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලය වෙත ගෙන එනු ලැබුවා එම අවස්ථාවේ දී ශ්රී ලංකා ක්රිකට් නායක දසුන් ශානක ද එක්ව සිටියා මෙහිදී කුසලානය සමග ඡායාරූප ගැනීම ද සිදු කරනු අතර මතීෂ පතිරණ දුනිත් වෙල්ලාලගේ යන ක්රීඩකයන් ද එක්ව සිටියා.
මෙහිදී අදහස් දැක්වූ දසුන් ශානක ආසියානු කුසලානයේ පාකිස්ථාන සමග පැවැති තරගයේදී
අපි වෙනුවෙන් අන්තිම බෝලෙ වෙනකන් නියපොතු කකා බලා සිටි ප්රේක්ෂකයන්ට ස්තූතියි. ඔවුන්ගේ විශ්වාසය අපි රැකිය යුතුයි ඉන්දියාවට අපි අභියෝගයක් වන අතර අපිට ද ඉන්දියාව අභියෝගයක්
මගේ පසුබෑමක් තියෙනවා.ඉන්දියාවේදී මට දස්කම් දක්වන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
ක්රීඩකයෝ සියලු දෙනාම හොඳ මානසික මට්ටමකින් ඉන්නවා.
කවුරුවත් හිතුවේ නෑ අපි අන්තිම තරඟයට එයි කියලා ඒ තරමටම ඉන්දියාව කණ්ඩායම පකිස්ථාන කණ්ඩායම ශක්තිමත්
බංග්ලාදේශය ශක්තිමත්.
අපේ හිටපු ක්රිකට් ක්රීඩකයින් පවා දැන් ශ්රී ලංකා කණ්ඩායම ගැන කිව්වේ අවසන් තරගයට අපි එන්නේ නෑ කියලා. එයාලටවත් අපේ ගැන විශ්වාසයක් නැහැ. ඒ ගැන කණගාටුයි.ලෝක කුසලානයේදී අපි මෙවර පෙරළියක් කරනවා යනුවෙන් නායක දසුන් වැඩිදුරටත් සදහන් කළා.
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:24
2024 දෙසැම්බර් 19, පෙ.ව. 8:32
2024 දෙසැම්බර් 17, ප.ව. 11:21
2024 දෙසැම්බර් 16, පෙ.ව. 9:17
2024 දෙසැම්බර් 16, පෙ.ව. 8:39