hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 2:13



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තවදුරටත් දසුන් ශානකට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පියවර ගත්තේ කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති තීරණාත්මක සාකච්ඡාවකින් පසුවයි.

මෙම සාකච්ඡාව සදහා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ,කමිටු සාමාජික රොමේෂ් කළුවිතාරණ ,ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ දසුන් ශානක සහභාගී වී සිටියා.

දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීමට සූදානම් වූවත්, අවසන් මොහොතේදී එම තීරණය හකුළා ගනිමින් ඔහුටම එක්දින ලෝක කුසලානය තෙක් යළි නායකත්වය ලබාදීමට මෙහිදි තීරණය කර තිබෙනවා.

ඒ අනුව කුසල් මෙන්ඩිස් තවදුරටත් කණ්ඩායමේ උප නායකත්වයේ කටයුතු කරනවා.

නායකයෙකු ලෙස දසුන් ශානක සාර්ථක වූවත් ඔහු පිතිකරුවෙකු ලෙස අවසන් එක්දින තරග 17දී එකදු හෝ අර්ධ ශතකයක් වාර්තා කරන්නට දසුන්ට නොහැකි වී තිබෙන අතර ඔහු එහිදි වාර්තා කළ වැඩිම ලකුණු ගණන වන්නේ 31ක් පමණයි.