hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 7:43



තරගයක් දෙකක් පැරදුනාම තමන් ඇතුළු කණ්ඩායමට විවේචන එල්ල නොකොට මඩ ප්‍රචාර සිදු නොකොට ඉවසීමෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක විශේෂ ඉල්ලීමක් කළා.

යම් පසු බැසීමක් සිදුවූ විට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු පාර්ශ්ව ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගොඩ නැගෙන පරිදි කටයුතු කිරීම ඉතා වැදගත් බව ආසියා කුසලානය දිනාගත් ක්‍රිකට් නායකයා පැවැසුවා.

දසුන් ශානක මෙසේ ද අදහස් දක්වා සිටියා,

“ටීම් එකේ එක නමක් කියලා කවුරුවත් වෙනම ඉන්න හදන්නේ නෑ. IPL ක්‍රීඩා කරලා තියෙනවා හසරංග, චාමික, භානුක, ඒ වගේම අනිත් ලීග්ස් ඔක්කොම ක්‍රීඩා කරනවා. එතකොට එහෙම ගැහුවා කියලා කවුරුත් “මං පොර” කියන තැන ඉන්නේ නෑ. හැමෝම එක ලෙවල් එකට බැහැලා, ටීම් එකේ හැමෝම එක මට්ටමින් හිතන තැන ඉන්නේ. මම හිතන්නේ ඒක මාර උදව්වක්, වනිඳු පොඩි කෙනෙක් ට ගිහිල්ලා මොනවා හරි උපදෙසක් දුන්නම ඒක ගොඩක් වෙලාවට ඇප්ලයි කරනවා, ඒ වගේම අනිත් ක්‍රීඩකයෝ දෙන ඒවත් අහලා ඒ වෙලාවට තීරණය කරනවා මොකක්ද කරන්න ඕන හරි දේ කියලා. ඒක හින්දා තමයි මම හිතන්නේ මට ලේසි වෙන්නේ කණ්ඩායම මෙහෙයවන්න. මට තනියම ක්‍රෙඩිට් එක ගන්න බෑ කොයිම වෙලාවකවත්. කණ්ඩායම විදියට ඒ කණ්ඩායමේ ඉන්න හැමෝම, හැම සාමාජිකයෙක්ටම ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕන. ඒකයි විශේෂත්වය කණ්ඩායමේ තියෙන.”

“ අපේ රටේ ප්‍රේක්ෂකයෝ සියලු දෙනාගේ ආශිර්වාදය අපට වැදගත් වුණා. ඒ වගේම ඩුබායි ක්‍රීඩාංගණයට පැමිණි අය අපව දිරිමත් කළා. මේ සියල්ල ජයග්‍රහණයට දායක වූවා. අප මුලින්ම සැලසුම් කළේ සුපිරි 4 වටයට යන්නයි. ඊළඟ සැලසුම වුණේ අවසන් තරගයට යන්නයි. හැම ක්‍රීඩකයෙක්ම එකම තත්ත්වයක සිටින නිසා අපට පුළුවන් වුණා කුසලානය දිනා ගන්න. මීළඟ ඉලක්කය ලෝක කුසලාන තරගාවලියයි. ඒ සඳහා හොඳ සූදානමක් ඇති කරගන්න අපට පුළුවන්. අපේ මානසිකත්වය ජයග්‍රාහී එකක්.“