hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 25, ප.ව. 8:54



වසරක් පුරා ක්‍රීඩා තරග ඉසව් 38 ක් යටතේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් එකිනෙකාගේ ක්‍රීඩා දක්‍ෂතාවයන් උරගා බලනු ලබන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000ක් පමණ සහභාගි වූ මෙම තරගාවලියේ දී නව ආරක්ෂක සේවා ක්‍රීඩා වාර්තා හතරක් බිහිවුණා.

2022 ඔක්තෝම්බර් මස 26 වනදා) ආරම්භ වූ ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය අද දින දක්වා සාරටකව පැවති අතර තරගාවලියේ සමාප්ති උළෙල සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මැතිතුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වර්ථමාන සභාපති මෙන්ම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යුධ හමුදාපති ලෙප්ටිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙන්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරෙරා ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සංචිතයන්හි සභාපතිවරුන්, ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ සහ එයට සම්බන්ධ සියළුම නිලධාරීන්වරුන් මෙන්ම ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සංචිත නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුධ හමුදාව දිනා ගත්තා.

ඊට රන්පදක්කම් – 147 ක්,රිදි පදක්කම් – 144ක් සහ ලෝකඩ පදක්කම් – 112ක් ඇතුළත්.

අනුශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට –

රන් පදක්කම් – 77 රිදි පදක්කම් – 71 ලෝකඩ පදක්කම් – 100

තුන්වැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවට

රන් පදක්කම් – 69 රිදී පදක්කම් – 86 ලෝකඩ පදක්කම් – 69