2024 ජනවාරි 01, පෙ.ව. 9:43
ඔස්ට්‍රේලියා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කරයි.
පාකිස්ථානය සමඟ ලබන 3 වනදා සිඩ්නිහිදී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගයෙන් පසු ඩේවිඩ් වෝනර් ටෙස්ට් සහ එක්දින පිටියෙන් සමු ගැනීමට නියමිතය.
නිමා වු එක්දින ලෝක කුසලානය දිනා ගත් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ වෝනර් සාමාජිකයෙකි.
මේවන විට ඔහු ටෙස්ට් තරග 111ක් ,එක්දින තරග 161කදී ටෙස්ට් ලකුණු 8695ක් ද එක්දින ලකුණු 6932ක් ද ලබා ගන්නට සමත් විය.
නමුත් වෝනර් පවසන්නේ 2025 චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තමන්ගේ සහය අවශ්‍ය නම් ක්‍රීඩා කිරීමට සූදානම් බවයි
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52