hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 26, ප.ව. 4:57



බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩෙවෝන් තෝමස්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.), අබුඩාබි ටී 10 සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් (සී.පී.එල්.) යන තරගාවලින්ට අදාළව ඒවායේ දූෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති 7ක් උල්ලංඝනය කර තිබීම හේතුවන් මෙම පියවර ගෙන තිබෙනවා.

ඩෙවෝන් තෝමස්ට මෙසේ එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට අයි.සී.සී.ය මේ වනවිට තීරණය කර ඇත.

මෙහිදී ඩෙවෝන් තෝමස් වෙත එල්ල වී ඇති බරපතළම චෝදනාවක් ලෙසින් සැලකෙන්නේ 2021 වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කැන්ඩි වෝරියර්ස් පිල නියෝජනය කරමින් තරග පාවාදීමට උත්සාහයක් සිදු කළේ යැයි නැඟෙන චෝදනාවයි.

කෙසේ වෙතත් අදාළ තරගාවලියේදී කැන්ඩි වෝරියර්ස් පිල නියෝජනය කරමින් ඩෙවොන් තෝමස්ට ක්‍රීඩා කළ හැකි වූයේ එක් තරගයක් පමණක් වීමද කැපීපෙනෙන සිදුවීමක්.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දූෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති 4ක් ඩෙවෝන් තෝමස් උල්ලංඝනය කර ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතන දූෂණ මර්දන නීති සංග්‍රහයේ එක් වගන්තියක් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙලෙස තෝමස්ට චෝදනා ගොනු කර තිබෙනවා.

කෙසේවෙතත් ඉදිරියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟින් පැවැත්වීමට නියමිතව ඇති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය සඳහා ඩෙවෝන් තෝමස් ඇතුළත් කිරීමට පසුගියදා කොදෙව් ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබුණා.

ඒ අනුව මෙම තහනමත් සමඟින් අදාළ තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුගෙන් අහිමි වී ගොස් තිබෙනවා.