hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 20, ප.ව. 9:13



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායමක් අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක සහ ලකුණු 58 කි පරාජයට පත් වුණා.

කාසියේ වාසිය දිනා තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය මුල් ඉනිමට කඩුලූ 4ක් දැවී ලකුණු 580 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා පිලට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නා.

ඒ අනුව තම පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා පිල සියලු දෙනා දැවී දැවී ලබා ගත්තේ ලකුණු 164ක්.

සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 358ක්.

පලමු ටෙස්ට් තරගයෙන්ද ලද පරාජයත් සමග ශ‍්‍රී ලංකාව පූර්ණ තරගාවලි පරාජයක් ලබා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමට තීරණය කර තිබෙනවා.

තමාගේ ඉවත් වීම සම්බන්ධයෙන් වන නිල දැනුම්දීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට දැනුම් දුන් බවයි දිමුත් නිවේදනය කර ඇත්තේ.

තමන් නායකත්වය දරන අවසන් ටෙස්ට් තරගාවලිය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අයර්ලන්ත තරග සංචාරය බව ද හෙතෙම වැඩිදුරටත් දන්වා තිබෙනවා.