hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 06, පෙ.ව. 1:18



ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අද සමුදීමට නියමිතව තිබේ.

ඒ ඔස්ට්‍රේලියාව සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුවය.

මෙම තරගය දිමුත් ක්‍රීඩා කරන 100වන ටෙස්ට් තරගය ද වේ.

සමුගැනීම නිවේදනය කළ දිමුත් පැවසුවේ 2024 වසරේදී අසාර්ථක වීම හා නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමේ අරමුණි තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බවයි.

ක්‍රිකට් දිවියෙන් සමුගන්නා දිමුත් කරුණාරත්න ඔස්ට්‍රේලියාවේදී ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස සුදුසුකම් සපුරා ගැනීමට ද සැලසුම් කර තිබේ.