hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 පෙබරවාරි 07, පෙ.ව. 12:32



ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී ආරම්භ වූ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයට තරග නතරකරන විට කඩුලු 09ක් දැවී ලකුණු 229ක් රැස්කරගෙන සිටියේය.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 59ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 74ක් රැස්කළේය.

තම අවසන් මෙන්ම 100වන ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන දිමුත් කරුණාරත්න ලකුණු 36කට දැවී ගියේය.

දිමුත් වෙනුවෙන් විශේෂ උත්සවයක් ද ගාල්ල පැවැත්වුණා.

එහිදි ඔහුට සමරු තිළිණ කිහිපයක්ම පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් කඩුලු 3ක් ලකුණු 37කට සහ නේදන් ලයන් කඩුලු 3ක් ලකුණු 78කට දවා ගත්තේය.

අද තරගයේ දෙවන දිනයයි.