hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 28, ප.ව. 10:05



“අපි ගොඩක් මහන්සි වෙලා මේ ජයග්‍රහණය ලබා ගත්තෙ . ඒකට අපේ වේග පන්දු යවන ක්‍රීඩකයන් විශාල දායකත්වයක් ලබා දුන්නා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද (28) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පැවසුවා.

“චිතගොං ක්‍රීඩා පිටියට වඩා වෙනස් ආකාරයට මීර්පූර් ක්‍රීඩාංගණයේ තණතීරුව සකස් කරල තිබුණෙ . ඒක වේග පන්දු යවනන්ට වාසිදායක ලෙස සකස් කරල තිබුණෙ. අපේ වේග පන්දු යවන ක්‍රීඩකයන් ගත් ක්‍රියාමාර්ග මෙම ජයග්‍රහණය සදහා බෙහෙවින් ඉවහල් වුණා. අපේ දඟ පන්දු යවන ක්‍රීඩකයන් දක්ෂතා පහළ මට්ටමක පැවතුණා. ඔවුන් මීට වඩා හොදින් පන්දු යැවීම සිදු කළා මීට වඩා හොද , මීට වඩා කළින් ජයග්‍රහණයක් ලබා ගන්න තිබුණා.” යැයි ද දිමුත් කරුණාරත්න පැවසුවා.

එමෙන්ම එළඹෙන ඕස්ට්‍රේලියා සහ පකිස්තාන තරගාවලි කණ්ඩායමේ පන්දු රැකීම සහ දඟ පන්දු යැවීමේ දක්ෂතා තවදුරටත් වර්ධනය කර ගත යුතු බව ද සඳහන් කළා.

එම තරගාවලි වලදී තණ තීරු වඩාත් දඟ පන්දු යවන ක්‍රීඩකයන්ට වාසිදායක වන ආකාරයට සකස් කිරීමට ඔවුන් කටයුතු කිරීමට ඉඩකඩ පවතින බවද ඔහු පැවසුවා.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය 1 – 0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිළ සමත් වී තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රාහී කුසලානය ද රැගෙන අද (28) සවස 03.20ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මෙම ක්‍රීඩකයන් පිරිස පිළිගැනීම සදහා කිසිදු රාජ්‍ය නිලධාරීන්, මැතිඇමතිවරුන් හෝ ඥාතීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ නොසිටීම විශේෂත්වයක්.