hit counter

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 12, පෙ.ව. 9:57



දියගම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම, නුදුරේදීම නැවත ආරම්භ කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවේදී ය.

එම ක්‍රීඩාංගණයේ දැනට පවතින තත්ත්වය හා ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක් වෙමිනි. මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහභාගී වූහ.

මෙවර අයවැය තුළින් ක්‍රීඩා සංවර්ධනය උදෙසා පසුගිය වර්ෂවලට වඩා සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බවත්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය. එසේම ඔලිම්පික් කමිටුව පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට ද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබාදෙන ලදී.

ක්‍රීඩා සංකීර්ණයේ වත්මන් තත්ත්වය සොයා ලැබූ අමාත්‍යවරයා පෞද්ගලික ආයෝජ සමග මෙම ක්‍රීඩා සංකීර්ණ නවීකරණය කරම්න් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ නම ද වෙනස්වීමේ ඉඩක් ඇති බව පවසා සිටියා.