hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 28, ප.ව. 6:45



ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත ඊමේල් පණිවුඩයක් යොමු කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දන්වා තිබුණේ මෙම මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කළ බවයි.

2023 ජනවාරි මස 21 වැනිදා සිට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවා තිබුණේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලනය දේශපාලනික මැදිහත් වීම් සිදුවන බවට පවසමින්.

ලබන සැප්තැම්බර් 29 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වෙන තුරු ශ්‍රී ලංකා පාපන්දු සම්බන්ධ කටයුතු දැඩි අධික්ෂණයෙන් පසුවන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය පවසනවා.