hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 20, ප.ව. 8:15



සිව් වසරකට වරක් එළැඹෙන ලොව වැඩිම ප්‍රේක්ෂක අවධානය යොමුවන ක්‍රීඩා ඉසව්ව වන 2022 පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය අද ආරම්භ වුණා.

ඒ සත්කාරක කටාරය සහ ඉක්වදෝරය අතර පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානේ පළමු තරගයත් සමගින්.

එම තරඟාවලියේ ශ්‍රී ලංකාවේ නිල විකාශය අයිතිය මීට පෙර හිමිව තිබුණේ ජාතික රූපවාහිනියට වූ අතර හදිසියේම එම විකාශය අයිතිය ඔවුන්ට අහිමි වී තිබෙනවා.

ඒ අනුව මෙරට නිල විකාශන අයිතිය ලබා ගැනීමට එම්.ටී.වී මාධ්‍ය ජාලයට හිමිව තිබෙනවා.

ඒෂියන් මිරර් වෙත වාර්තා වන අන්දමට ජාතික රූපවාහිනියට එම අවස්ථාව අහිමි වී ඇත්තේ ඩොලර් ප්‍රශ්නයක් හේතුවෙන් බවයි.

ලෝක පාපන්දු ශූරතාවලියේ 22 වන වාරය ලෙසින් මෙවර පැවැත්වෙන ‘ෆිෆා’ ලෝක කුසලානය විශේෂ එකක්. ඒ මැදපෙරදිග රටක් පාපන්දු ලෝක කුසලානයක් සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාව මෙය වීම හේතුවෙන්.

මෙවර තරගාවලිය කටාර් හි නගර පහක් පුරා පැතිරී ඇති ක්‍රීඩාංගණ 8ක ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ සංග්‍රාම භූමියේ කණ්ඩායම් 32ක් තරග 64ක් සඳහා මුහුණ දෙන්නට සූදානමින් සිටියි.

තරගාවලියේ කාණ්ඩ 8ක් යටතේ කණ්ඩායම් 32ක් මෙවරද ලෝක කුසලාන දඩයම සඳහා සූදානමින් සිටියි.

මෙවර ලෝක කුසලානය ඒ අනුව ලුසෙයිල් හි ලුසායිල් අයිකොනික් ක්‍රීඩාංගණය, අල් ඛෝර්හි අල් බයිට් ක්‍රීඩාංගණය, අල් වක්රාහි අල් ජනූබ් ක්‍රීඩාංගණය, අහමඩ් බින් අලි ක්‍රීඩාංගණය, කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, අල් රේයාන්හි අධ්‍යාපනය සඳහා වන නගර ක්‍රීඩාංගණය, ස්ටේඩියම් 974 සහ දෝහා හි අල් තුමාමා ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණයන් හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ සියලුම ක්‍රීඩා පිටි කටාර් හි අගනුවර වන දෝහාවල සිට කිලෝමීටර් 55 ක අරයක් තුළ පිහිටා තිබීම තවත් එක් විශේෂත්වයක්.

1976 වසරේ ඉදි කෙරුණු කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණය හැර අනෙකුත් සියලුම ක්‍රීඩාංගණ පසුගිය වසර තුන තුළ ඉදිකර ඇත්තේ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින්. තෙවැනි ස්ථානය තෝරා ගැනෙන අවසන් තරගය කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: