hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 20, ප.ව. 7:20



2023 ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ස්පාඤ්ඤය සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේදී එංගලන්තය ගෝල 1ට 0ක් ලෙස පරාජය කරමින්.

මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලාන සදහා ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සම සත්කාරකත්වය ලබා දුන්නා.

කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනූ 5 වැනි රට බවට ස්පාඤ්ඤය පත් වුණා.

මීට කාන්තා පාපන්දු ලෝක කුසලානයක් දිනා තිබුණේ අමෙරිකාව ,ජර්මනිය ,ජපානය සහ නෝර්වේ රාජ්‍ය පමණයි.