hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 දෙසැම්‍බර් 13, පෙ.ව. 11:22



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය අත් හිටුවමින් අතුරු කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබෙනවා.

නව ගැසට් පත්‍රයක් නිකුත් කරමින් එය අවලංගු කිරීමට නියමිතය.

මෙම ක්‍රියාමාර්ග ගැනීමට හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇත්තේ ICC ශ්‍රී ලංකාවට පනවා තිබෙන තහනම ඉවත් කර ගැනීමේ මූලික පියවරක් ලෙසය.

එහිදි ක්‍රීඩා අමාත්‍යවරයා සිය X සමාජ මාධ්‍ය ගිණුමට මෙම සටහන තබා තිබුණා.