2023 සැප්‍තැම්‍බර් 22, ප.ව. 8:30
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට ලබාදුන් වාරණ නියෝගය ඉවත් කිරීමට අද (22ද) පියවර ගෙන තිබෙනවා.
ඒ අද දිනයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.
DMR 1435/23 දරන අංකය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිස තිබුණේ විගණකාධිපතිවරයා විසින් සමාලෝචනයකට ඉදිරිපත් කරන ලද කෙටුම්පත් වාර්තාවක් පදනම් කර ගනිමින් හේෂා විතානගේ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අරඹයා ද්වේෂ සහගත සහ අවමන් සහගත ප්‍රකාශ කිදු කරනවා යැයි පවසමිනි.
මෙම නඩුව යළි සලකා බැලීම නොවැම්බර් මස 29 වැනිදා සිදු කිරීමට නියමිතයි.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51