hit counter

2025 ඔක්‍තෝබර් මස 18 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 03, ප.ව. 4:02



කොලොම්බියාවේදී ආරම්භ වූ වයස 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී දුර පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව බවට පත්ව සිටි හිරුෂ හෂේන්ට එම තරගයට සහභාගිවීමේ අවස්ථාව අහිමි වී ගියා.

ඒ පසුගිය 30 වැනිදා රාත්‍රියේදී මෙරටින් පිටත්ව ගිය හිරුෂට තරගය පැවැති පෙරේදා (01) දිනයේදී නියමිත වේලාවට කොලොම්බියාවේ කාලි වෙත ළඟාවීමට නොහැකි වීමෙන්.

හිරුෂ හෂේන්ගේ හොඳම දක්ෂතාවය මීටර් 7.67ක් ලෙසින් සටහන් වන අතර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පෙරේදා පැවැති එම ඉසව්වේ මූලික වටයට තරග කිරීමට හිරුෂට අවස්ථාව හිමි වූවා නම් පහසුවෙන්ම අවසන් වටය දක්වා යෑමේ වැඩි අවස්ථාවක් හිමිව තිබුණා.