hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 නොවැම්‍බර් 27, ප.ව. 12:03



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය, එල්ල වන චෝදනා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන විමර්ශනය කොට ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ග්‍රේග් බාර්ක්ලේ මහතා ඉදිරි දිනවලදී දිවයිනට පැමිණිමට නියමිත බව වාර්තා වනවා.

මෙලෙසින් ICC සභාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් ඔහුව පාර්ලිමේන්තුවට කැදවා ක්‍රිකට් සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීමට පාර්ලිමේන්තු සියලුම මන්ත්‍රීවරුන් සදහා ඉඩ ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කළා.