hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 23, ප.ව. 9:40



2023 එක්දින ලෝක කුසලානයේ ජයග්‍රහී කණ්ඩායම් සඳහා පිරිනැමෙන මුදල් ත්‍යාග  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව තරගාවලිය පුරා සමස්තයක් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10ක් මුල්‍ය ත්‍යාග පිරිනැමෙන අතර, තරගාවලියේ ජයග්‍රාහකයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 04ක් පිරිනැමීමට නියමිතයි.

මීට අමතරව අනුශූරයන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 02ක් ලබා දෙනවා.

අවසන් පූර්ව කණ්ඩායම්වලට ඇමෙරිකානු ඩොලර් 800,000 බැගින් ප්‍රදානය කෙරෙනවා.

තරග 48කින් සමන්විත මෙවර තරගාවලිය ඔක්තෝබර් මස 05 වැනිදා සිට නොවැම්බර් මස 19 වැනිදා දක්වා ඉන්දියාවේ ක්‍රීඩාංගණ 10කදී පැවැත්වෙනවා.

මූලික වටයේ සෑම තරගයකම ජයග්‍රාහකයින්ට ඇමෙරිකානු ඩොලර් 40,000ක් හිමිවන අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබන කණ්ඩායම් 6ට ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් පිරිනැමෙනවා.