hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:29



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ඉන්දියාවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එහිදි 2019 ලෝක එක්දින ශූරයින් වන එංගලන්තය සහ නවසීලන්තය තරගවැදීමට නියමිත අතර මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර එක්දින ලෝක කුසලානයට කණ්ඩායම් 10 එක්වන අතර එහිදි තරග 48ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අවසන් මහා තරගය ලබන නොවැම්බර් මස 19 වැනිදා අහමදාබාද් නුවරදීම පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව එක්දින ලෝක කුසලානයක් සදහා සත්කාරකත්වය ලබා දෙන 4 වන අවස්ථාව මෙය වන අතර මීට පෙර ඔවුන් 1987,1996 සහ 2011 වසරේ සත්කාරකත්වය ලබා දී තිබුණා.