hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 19, ප.ව. 11:05



2023, එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්නට කරගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී සත්කාර ඉන්දීය කණ්ඩායම කඩුලු 07කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කළේ, ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.

ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම පන්දුවාර 50ක් තුළ සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 240ක්.

එහිදී ලෝකේෂ් රාහුල් ලකුණු  66ක්, විරාත් කෝලි ලකුණු 54ක් සහ රෝහිත් ශර්මා 47ක් ලබා ගත්තා.

වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටාක් කඩුලු 03ක් ජෝශ් හෙල්සවුඩ් සහ පැට් කමින්ස කඩලු 02ක බැගින් දවාගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 241ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 43 ක් තුළ කඩුලු 04ක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.

එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ට්‍රැවිස් හෙඩ්  පන්දු 120කට මුහුණ දී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 137ක්.

ඊට හයේ පහරවල් 4ක් සහ හතරේ පහරවල් 15ක් ඇතුළත්.

ලෝක කුසලාන තරගාවලියක දී ලකුණු හඹා යාමකදී ශතකයක් රැස්කළ දෙවන ක්‍රීඩකයා ලෙසයි ට්‍රැවිස් හෙඩ් වාර්තා පොත් අතරට එක් වුණේ.

මීට පෙර එම දක්ෂතාවය පෙන්වා තිබුණේ, 1996 වසරේ දී අරවින් ද සිල්වා විසින්.

මානස් ලබුශේන් නොදැවි ලකුණු 58ක් රැස්කරගත්තා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 02ක් සහ මොහොමඩ් ශමි එක් කඩුල්ලක් බිඳ හෙළුවා.

මෙය ඔස්ට්‍රේලියානු කණ්ඩායම දිනා ගත් 06 වන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වනවා.

මීට පෙර ඔස්ට්‍රේලියාව 1987,1999,2003,2007 සහ 2015 වසරේදී ශූරතාව දිනා ගෙන තිබුණා.