hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 07, ප.ව. 11:28



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන සමග පැවැති තරගයෙන් කඩුලු 3ක සුපිරි ජයක් හිමිකර ගත් ඔස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 291ක් ලබා ගත්තා.

ඉබ්‍රහිම් සද්‍රාන් නොදැවී ලකුණු 129ක් ද,රෂීඩ් ඛාන් නොදැවී ලකුණු 35ක් ද ලබා ගත්තා.

ඉබ්‍රහිම් සද්‍රාන් වාර්තා කළ මෙම ශතකය ඇෆ්ගනිස්ථාන පිතිකරුවෙකු එක්දින ලෝක කුසලානයකදී ලබා ගත් පළමු ශතකය ද වනවා.

ජෝෂ් හෙසල්වුඩ් 39කට කඩුලු 2යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 46යි පන්දු 5කදී කඩුලු 7ක් දැවී ලකුණු 293ක් ලබා තරගය ජය ගත්තා.

ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුලු 7 ලකුණු 91ක් තුළ දැවී ගියත්,කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්න ග්ලේන් මැක්ස්වෙල්ට හැකියාව ලැබුණේ නොදැවී ලකුණු 201ක් ලබා ගනිමින්.

මෙය ඔහුගේ පළමු එක්දින ද්විත්ව ශතකය ද වනවා.

මැක්ස්වෙල් මෙම තරගයේදී පාදයේ ආබාධයක් ද සහිවත ක්‍රීඩා කළා.

තරගය ජයගත් ඔස්ට්‍රේලියාව 2023 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.