hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 8:17



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට අනපේක්ෂිත පරාජයක් අත්කර දෙන්නට නෙදර්ලන්තයට හැකියාව ලැබුණේ මෙම තරගයෙන් ලකුණු 38ක ජයක් වාර්තා කරමින්.

ධර්මසාලාහිදී පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඉනිමක් පන්දුවාර 43කට සීමා කරන්නට සිදු වූ අතර ඒ අනුව ප්‍රථමයෙන්

පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 43 තුළ කඩුලු 8ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 245ක්.

එහි දී ස්කොට් එඩ්වර්ඩ්ස් නොදැවි ලකුණු 78ක් රැස්කරගත්තා.

පන්දු යැවීමේ දී Lungi Ngidi, Marco Jansen සහ Kagiso Rabada කඩුලු දෙක බැගින් දවාගැනීමටයි සමත් වුණේ.‍

ජයග්‍රහණය සඳහා ලකුණු 246ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 42.5ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 207ක් පමණයි.

එහි දී ඩේවිට් මිලර් ලකුණු 43ක් සහ කේෂව් මහරාජ් ලකුණු 40ක් රැස්කරගත්තා.

පන්දු යැවීමේ දී Bas de Leede, Roelof van der Merwe, Paul van Meekeren කඩුලු දෙක බැගින් දවා ගත් අතර Logan van Beek කඩුලු තුනක් බිඳ හෙළුවා.

මෙම ජයග්‍රහණයත් සමඟ නෙදර්ලන්ත ප්‍රසාද ලකුණු සටහනේ 09 වන ස්ථානය දක්වා පෙරමුණට පැමිණියා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට එම සටහනේ දස වන ස්ථානය හෙවත් අවසන් ස්ථානය දක්වා පසුබැසීමට සිදු වුණා.