hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 06, ප.ව. 11:15



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවැති තරගයෙන් ලකුණු 81ක ජයක් වාර්තා කරන්නට පාකිස්ථානය සමත් වුණා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථානය පන්දුවාර 49කදී සියලු දැවී ලකුණු 286ක් ලබා ගත්තා.

මොහොමඩ් රිස්වාන් සහ සවුද් ශකීල් ලකුණු 68 බැගින් රැස් කළා.

මොහොමඩ් නවාස් ලකුණු 39යි.

බාස්ඩි ලීඩර් ලකුණු 62කට කඩුලු 4ක් ද,කොලින් ඇකමන් ලකුණු 39කට කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 41කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 205ක් පමණයි.

බාස්ඩි ලීඩර් ලකුණු 67ක් ද, වික්‍රම්ජිත් සිං ලකුණු 52ක් රැස්කළා.

හැරිස් රවුෆ් ලකුණු 43කට කඩුලු 3ක් ද,හසන් අලි ලකුණු 33කට කඩුලු 2ක් ද දවා ගත්තා.

තරගයේ වීරයා ලෙස සවුද් ශකීල් සම්මාන දිනා ගත්තා.