hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 07, ප.ව. 7:10



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සමග දැන් පැවැත්වෙන තරගයේදී දකුණු අප්‍රිකාව ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව පිහිටුවන්නට සමත් වුණා.

ඒ පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 428ක් ලබා ගෙනයි.

එහිදි ශතක තුනක් වාර්තා වූ අතර ඊට හිමිකම් කීවේ කුයින්ටන් ඩී කොක් ,රෙසී වැන්ඩ ඩුසන් සහ ඒඩ්‍රියන් මාක්‍රම්.

මාක්‍රම් පන්දු 49කින් ශතකය වාර්තා කරමින් ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම ශතකයට හිමිකම් කිව්වා.