hit counter

2024 මැයි මස 12 වන ඉරිදා

2024 අප්‍රේල් 28, ප.ව. 1:06



T20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමග තරගය කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 94ක් පමණක් වන අතර ජයග්‍රාහී ලකුණු 95 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 10.1කදී සපුරා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී කවීෂා ඩිල්හාරි ලකුණු 13කට කඩුලු 4ක් ද, ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 11කට කඩුලු 3ක් ද ,සුගන්දිකා කුමාරි ලකුණු 27කට කඩුලු 2ක් ද දවා ගත්තා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේදී චමරී අතපත්තු නොදැවී ලකුණු 59ක් සහ විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 24ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග දෙකම ජය ගෙන A කාණ්ඩයේ පළමු ස්ථානයේ පසුවනවා.