2025 මාර්තු 07, පෙ.ව. 12:08
ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම සමග තරගය ලකුණු 21කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කට ලකුණු 173ක් ලබා ගත්තේය.
ඒ පන්දුවාර 20 තුළදීයි.
කුමාර් සංගක්කාර ලකුණු 47ක් ද අසේල ගුණරත්න ලකුණු 64ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 5ක් තුළ ලබා ගත්තේ ලකුණු 152ක් පමණි.
ඉසුරු උදාන ලකුණු 15කට කඩුලු දෙකක් දවා ගන්නට සමත් විය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47