2023 ඔක්‍තෝබර් 15, පෙ.ව. 8:57
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කළ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තා.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථානයට පන්දුවාර 42යි පන්දු පහකදී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 191ක් පමණයි.
නායක බාබර් අසාම් ලකුණු 50ක් ද,මොහොමඩ් රිස්වාන් ලකුණු 49ක් ද ලබා ගත්තා.
ජස්ප්‍රිට් බුම්රා ,මොහොමඩ් සිරාජ් ,හර්දික් පාණ්ඩ්‍යා සහ රවීන්ද්‍ර ජඩේජා කඩුලු දෙක බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 30යි පන්දු 3කදී කඩුලු 3කදී ලකුණු 192ක් ලබා තරගය ජය ගත්තා.

නායක රෝහිත් ශර්මා ලකුණු 86ක් ද, ශ්‍රීයාස් අයියර් නොදැවී ලකුණු 53ක් ද ලබා ගත්තා.
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52
2026 අප්‍රේල් 23, පෙ.ව. 7:39
2026 අප්‍රේල් 22, ප.ව. 9:58