hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 24, ප.ව. 1:04



මහා ක්‍රිකට් තරග වාරය අරඹමින් කොළඹ තර්ස්ටන් විදුහල හා ඉසිපතන විදුහල අතර පැවැත්වෙන සහෝදරයන්ගේ සංග්‍රාමය අද ආරම්භ වුණා.

තරඟය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේදීයි.

මෙවර තර්ස්ටන් ඉසිපතන මහා තරගය පැවැත්වෙන්නේ 61 වෙනි වරටයි.

“බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය සඳහා මෙම තරඟය පැවැත්වෙනවා

අද තර්ස්ටන් විදුහල කාසියේ වාසිය දිනා ගත් අතර ඉසිපතන විදුහලට පන්දුවට පහර දීමට ආරාධනය කළා.

මෙවර 61 වැනි තරගයේදී තර්ස්ටන් පිල මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක විහස් තෙව්මික වෙත පැවරී ඇති අතර, ඉසිපතන පිල මෙහෙයවීමේ වගකීම සිතුක ගුණවර්ධන වෙත පැවැරී තිබෙනවා.

මෙතෙක් පැවැති තරග 60 අතුරින් තරග 6ක් තර්ස්ටන් පිල විසිනුත්, තරග 4ක් ඉසිපතන පිල විසිනුත් ජයගැනීමට සමත්වී තිබෙනවා.

ඉසිපතන සංචිතය:

සිතුක ගුණවර්ධන (නායක)

තරුෂ්ක අශේල් (උප නායක)

කෙවින් සැමුවෙල්

රුචිත් රොද්‍රිගෝ

මලීෂ සඳරුවන්

රන්මිත් සෙනරත්

ලෙසඳු කල්පගේ

දසිත් සෙනාල්

සෙල්වදීර් කබිලේෂ්වරන්

චනුල් දිනෝත්

නවිඳු හෙට්ටිආරච්චි

දුෂාන් මාලිංග

දිල්ප රුවන්

නතිඳු සෙනුම්

තිතිර සන්සිර

විදුන ගෙනුර

තර්ස්ටන් සංචිතය:

විහස් තෙව්මික (නායක)

නවිඳු ප්‍රනාන්දු (උප නායක)

ශානික්‍ය දේශප්‍රිය

තනුග පළිහවඩන

ටනුජ රාජපක්ෂ

විශ්ව ධනංජය

ටලීෂ නානායක්කාර

ගගන පෙරේරා

ඩිනාල් ඉඳුවර

යොවුන් ශිල්ප

රචින්ත ද සිල්වා

සෙත්රු ප්‍රනාන්දු

මුලිත ද සිල්වා

හරිත් ශලක

පැතුම් ධනංජය

ආදිත්‍ය සෙත්මිණ