hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ජූනි 12, පෙ.ව. 8:37



47 වන ජාතික මහා ක්‍රීඩා උළලේ වෙරළ කබඩී තරගාවලියේ කාන්තා සහ පිරිමි රන් පදක්කම් දිනාගැනීමට ඌව පළාත් කණ්ඩායම් දෙකට හැකි වුණා.

මේ මස 9,10,11 දිනවලදී මීගමුවේ ඒත්තුකාල වෙරළ තීරයේදී මෙම තරගාවලිය පැවැත්වුණා.

එහිදී සියළුම පලාත් අභිබවා රන් පදක්කම් ද්විත්වයම ඌව පලාත් පිරිමි හා කාන්තා කණ්ඩායම් ජයග්‍රහණය කළා.

පිරිමි අවසන් මහ තරගයට නැගෙනහිර කණ්ඩායම සමගින් ඌව කණ්ඩායම තරග වැදුණු අතර එහිදී ලකුණු 61ට 25ක් ලෙස ලබාගනිමින් ඌව පළාත් කණ්ඩායම ශූරතාවයට හිමිකම් ලැබුවා.

කාන්තා අවසන් මහ තරගයේදී ප්‍රබල බස්නාහිර පලාත් කණ්ඩායම සමගින් තරග වැදුණු ඌව පළාත් කාන්තා කණ්ඩායම ලකුණු 52ට 34ක් ලෙස ලබාගනිමින් ඌව පළාත් කාන්තා කණ්ඩායම ජයග්‍රහණය හිමිකර ගත්තා.

මුහුදු වෙරළක් නොමැති ඌව පළාතේ කාන්තා හා පිරිමි කබඩි කණ්ඩායම් දෙකම වෙරළ කබඩි ශූරතාවය ලබා ගැනීම කැපී පෙනෙන සිද්ධියක්.